Thursday, July 22, 2010

අලුත් Film - Piranha 3D



හුඟ දවසකින් මට බ්ලොග් එක පැත්ත පළාතෙ එන්න බැරිවුන හින්දා යාළුවො තරහ වෙලාද දන්නේත් නෑ. කමක් නෑ. හම්බෙන සුළු වෙලාවකින් ඉඩක් අරගෙන post එකක් ලියන්නම්කො මම. හරි, අද මම කතා කරන්න යන්නෙ release වෙන්න තියෙන movie එකක් ගැනයි. මේකෙ නම තමයි Piranha-3D. නම කියපු සැනින් ඕගොල්ලන්ගෙ හිතෙ මැවෙන්න ඇති, .. මේක මෙහෙම කතාවක්නෙ කියල. ඔව් මේක අර ඕගොල්ලො දන්න Piranha කියන මසුන් ජාතිය ගැන කතාවක්. බලමුකො මොකද වෙන්නෙ කියලා.

මේ කතාව දිවෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ගිනිකඳු පිපිරීමක් නිසා ඇති වෙච්ච Havasu Lake කියන නගරය පාදක කොට ගෙනයි. කොටින්ම කියනවානම් නගරය තියෙන්නේ ගිනිකඳු විවරයේ. ඉතින්, භූ කම්පනයක් නිසා මේ බිමේ ඇති වන පළුද්දක් තමා ප්‍රශ්න සියල්ලටම මුල වෙන්නෙ.

පිරන්හා කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන්ම පැවතෙන, ඉතාම කෑදර, තියුණු උල් දත් වලින් පිරි මත්ස්‍ය වර්ගයක් කියලා අහල ඇතිනෙ. උන් ඉදිරියෙන් චලනය වන ඕනෑම කෙනෙක් තත්පර ගණනකින් ලෙයින් පිරි ඇටකටු සමූහයක් බවට පත් කරනවා. දැන්නම් පොඩි බයකුත් හිතට එනවා නෙ lol :P.

කතාවෙ හැටියට, නගරයේ මිනිස්සු අතුරු දහන් වෙන්න යන බව මුලින්ම දැනෙන්නෙ ආකර්ශනීය, ක්‍රියාකාරී Julie Tupper ටයි. එයා තමයි නගරයේ නැව් තටාකාංගනය පාලනය කරන්නෙ. ඇය නගරයේ සිදුවීමට යන අති බිහිසුනු මානුෂික සංහාරය ගැන කිව්වත්, කවුරුත් ඇයව ගණන් ගන්නේ නෑ. ඇය ලොකුම ගැටළුවට මුහුණ දෙන්නේ කිමිදුම් ශූර ඇගේ පෙම්වතා ජලයේදී අතුරුදහන් වීමත් සමගයි.

මේක අධ්‍යක්ෂණය කරේ Alexandre Aja, අර 300 movie එකේ අධ්‍යක්ෂක තුමා. කතාව බලන්න නම් 2010 අගෝස්තු 27 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා.

එතකන් ඒකෙ මෙන්න මේ trailer එක බලන්නකො.


2 comments:

  1. යාළුවනේ මේකත් කියවලා දාන්නකො බලන්න හොඳ comment ටිකක් ;)

    ReplyDelete
  2. WOW im soooo anxious to watch this.. really :D nice one chamz :)

    ReplyDelete